අමෙරිකාවේ කොරෝනා මරණ 40,000 ඉක්මවයි

අප්‍රේ 20, 2020

    කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකවේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව අද වන විට 40,000 ඉක්මවා තිබේ.

    එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7 ලක්ෂ 63,000කට අධිකයි. ඉකුත් වසරේ දෙසැම්බර් මස චීනයේ වූහාන් නගරයෙන් ඇරඹි කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී සිව් මසක් ගතව අවසන්.

    කොරෝනා වෛරසයෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ, ලෝක බලවතා වන අමෙරිකාවටයි. එරටින් ඉකුත් පැය 24තුළ කොරෝනා නව මරණ 1,539ක් වාර්තා වී තිබේ. අමෙරිකාවෙන් ඉකුත් පැය 24ට වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 25,040ක්. වෛරසය ආසාදනය වූ 71,000කට අධික පිරිසක් සුවය ලබා සිටියි. මේ අතර වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා වසා දමා ඇති ප්‍රාන්ත නැවත විවෘත කරන ලෙස ඉල්ලා අමෙරිකාව පුරා විරෝධතා සිදු කෙරෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඇරිසෝනා,කොළරාඩෝ,මොන්ටානා සහ වොෂිංටන් යන ප්‍රාන්තවල ජනතාවද, විරෝධතාවන්හි නිරතව සිටින බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද විරෝධතාකාරුවන්ට සහය දැක්වීම විශේෂත්වයක්.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 10:49

    Latest News