COVID-19 මීළඟ කේන්ද්‍රස්ථානයට අප්‍රිකානු මහද්වීපය - WHO අනතුරු අඟවයි

අප්‍රේ 17, 2020

    කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානයට බවට අප්‍රිකානු මහද්වීපය පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    ඉකුත් සතිය තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් අප්‍රිකානු කලාපයේ පෙන්නුම් කරයි. මේ අනුව අප්‍රිකානු මහද්වීපය පුරා මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයින් 18,000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර, වාර්තා වන මරණ සංඛ්‍යාව දහසකට අධිකවේ. එය යුරෝපයට සහ අමෙරිකාවට සාපේක්‍ෂව අඩු අගයක් වුවද, දුර්වල සෞඛ්‍ය පහසුකම් වැනි දෑ හේතුවෙන් වෛරස් ව්‍යාප්තිය වැඩි වුවහොත් අප්‍රිකානු කලාපයට සිදුවන බලපෑමට අතිශය ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    Latest News