මුඛ ආවරණ පැළදීමේ නියෝග ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

අප්‍රේ 04, 2020

    අමෙරිකානුවන්ට මුඛ ආවරණ පළදින ලෙස ලබා දී ඇති නියෝග තමා නොපිළිපදින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    එරට වෛද්‍ය අංශ අමෙරිකානු වාසීන්ට මුඛ ආවරණ පළඳින ලෙසට පසුගියදා උපදෙස් ලබා දුන්නේ. කිසිඳු අවස්ථාවක තමා හමුවට එන අමුත්තෙකුට මුඛ ආවරණයක් පැළඳ හමු නොවන බව, ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

    ඔහු කියා සිටින්නේ, ඊයේ දිනයේ නිකුත් කළ මෙම උපදේශ අනිවාර්ය නොවන බවයි. මේ වන විට අමෙරිකාවෙන් කොරෝනා වෛරසය ආශ්‍රිත රෝගීන් දෙලක්ෂ හැත්තෑ හත් දහසක පිරිසක් වාර්තා වී තිබේ. මියගිය පිරිස හත් දහස් හාරසීයකට ආසන්නයි. ඊයේ දිනයේ පමණක් නව රෝගීන් තිස් දෙදහසකට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,320ක්.

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 13:36

    Latest News