ලොව පුරා කොරෝනා මරණ 59,000 ඉක්මවයි

අප්‍රේ 04, 2020

    කොරෝනා වෛරසය ආසාධනය විමෙන් අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24 තුළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

    අමෙරිකාවේ පුද්ගලයන් 1320 දෙනෙකු මියගොස් ඇති අතර ප්‍රංශයේ ඊයේ (03) දිනය තුළ මියගිය සංඛ්‍යාව 1120ක්.
    ස්පාඤඤයේ 850ක් , ඉතාලියේ 766ක් සහ බ්‍රිතාන්‍යයේ 684ක් මිය ගොස් තිබේ.

    ඒ අනුව වෛරසය හේතුවෙන් අද වන විට මිය ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව පුද්ගලයින් පනස් නව දහසකට අධික වෙයි.

    වැඩිම අසාධිතයින් සංඛ්‍යාවක් ඊයේ දින අමෙරිකාවෙන් වාර්තා විය. එම සංඛ්‍යාව 32, 088ක්.

    ලොව පුරා පුද්ගලයින් එකොළොස් ලක්ෂයකට ආසන්න පිරිසකට මේ වන විට වෛරසය ආසාධනය වී තිබේ.

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 09:08

    Latest News