ට්‍රම්ප්ට මිලියන 354ක වන්දියක් ගෙවන ලෙස නියෝගයක්

පෙබ 17, 2024
    සිවිල් වංචා නඩුවක් සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 355 කට ආසන්න දඩයක් ගෙවීමට නිව්යෝර්ක් අධිකරණය නියෝග කර තිබෙනවා.

    නිව්යෝර්ක්හි සංස්ථා නිලධාරියෙකු හෝ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සේවය කිරීමද ඔහුට වසර 3 ක් දක්වා තහනම් කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත්තේ, ‍ණය ලබා ගැනීම සඳහා ඔහු සිය දේපලවල සහ ව්‍යාපාරයන්හි ශුද්ධ වටිනාකම වංචාසහගත ලෙස වැඩිකර ඇතැයි, පෙන්වා දෙමින්.
    නඩුවෙන් පරාජයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඩොලර් මිලියන 354 යි දශම 9 ක දඩ මුදලක් ගෙවන ලෙස, නිව්යෝර්ක් අධිකරණයේ "ආතර් එන්ගොරොන්" විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
    වසර තුනක් දක්වා නිව්යෝර්ක්හි ව්‍යාපාර කටුයුතුවල නිරත වීම තහනම් කරමින්, ඔහුගේ දේපළ වෙළෙඳාම් පාලනය කරන සමාගම් විසුරුවා හැරීමට ද නියෝග කර ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News