කොරෝනා සමග සටන් කරන ප්‍රංශයට තවත් ප්‍රහාරයක්

අප්‍රේ 05, 2020

    ගිණිකොණ දිග ප්‍රංශයේ වීදියක සිදුවූ පිහි ඇනුමකින් දෙදෙනෙකු ජීවිතක්ෂණයට පත් ව තිබේ.

    එයින් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත.

    රොමොන්ස් ලිසෙයර් නගරයේ දුම්කොළ නිෂ්පාදන අලෙවිහලකට ඇතුළු වූ අපරාධකරු එහි හිමිකරුවන්ට හා ගණුදෙනුකරුවෙකුට පිහි ප්‍රහාර එල්ල කර තිබේ. මේ බව එරට මාධ්‍ය වාර්තා කරයි. අනතුරුව ඔහු පදික වේදිකාවේ යාඥාවක නිරතව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු යාඥා කරමින් සිට ඇත්තේ අරාබි භාෂාවෙන්‌ බවයි, පොලිසිය පවසන්නේ.
    අපරාධකරද සුඩානයේ සිට පැමිණි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මෙය ත්‍රස්ත කියාවක්‌ බව එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ක්‍රිස්ටෝෆ් කුස්ටර්නර් පවසයි.

    ප්‍රංශය, කොරෝනා වෛරසයෙන්‌ දැඩි ලෙස පීඩා විඳින අවස්ථාවක මෙසේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම ගැන තමන් දැඩි කම්පනයකට පත්වන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රන් ප්‍රකාශ කරයි.

    Latest News