ලොව පුරා 54,000 අධික පිරිසක් ජීවිතක්ෂයට

අප්‍රේ 03, 2020

    ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 55,731ක් මියගොස් තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ 1,055,179 ක් කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවයි.

    වෛරසය ආසාදිත 223,886දෙනෙකු නැවත සුවය ලැබූ බව එම සංවිධානය සදහන් කරයි.

    කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 13,915කි.

    ඊට අමතරව ස්පාඤ්ඤයෙන් මරණ 10,935ක්, ඇමෙරිකාවෙන් මරණ 6,098ක්, ප්‍රංශයෙන් 5,387ක්, චීනයෙන් මරණ 3,322ක් සහ ඉරානයෙන් මරණ 3,294ක් සිදුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේය.

    Latest News