කොරෝනා මැඩලීමට කැපවන බ්‍රිතාන්‍ය කාර්ය මණ්ඩලයට ජනතාවගෙන් තුති

අප්‍රේ 03, 2020

    බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසය ආසාදිතයින් සුව කිරීමට ඇප කැප වී සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ හා අනෙකුත් ප්‍රධාන පෙළේ කණ්ඩායම් වෙනුවෙන් තුති පිදීමක් ඊයේ සිදු කෙරිණ. ඔවුන් එම කෘතවේදීත්වය පළ කිරීම සිදු කළේ දෙවන වරටයි.

    බ්‍රිතාන්‍යයේ ජනතාව එකම වෙලාවක දී අත්පුඩි ගසමින් සහ නොයෙකුත් ආකාරයේ ශබ්ද නඟමින් මෙම තුති පිදීම සිදු කළේය. භාණ්ඩ ප්‍රවාහනය කරන රියදුරන්, වෙළෙඳසල් සේවකයින්, සනීපාරක්ෂක කටයුතුවල නිරත කාර්ය මණ්ඩල සහ කසළ එකතු කරන්නන් වෙත ද ඔවුන් මෙහි දී තම කෘතඥතාව පළ කළේය.

    කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අගමැති බොරිස් ජොන්සන් ද මේ අවස්ථාවට එක් විය. බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන්, කලාකරුවන්, නළු නිලියන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක්ම නොයෙක් ආකාරයෙන් ඔවුන්ගේ කෘතවේදීත්වය පළ කළ සිටියි.

    ඉකුත් සතියේ ද, මෙවැනිම තුති පිදීමක් සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් සිදු කළේ, වසංගතය වැළැක්වීම සඳහා ඔවුන් පෙරමුණ ගෙන ක්‍රියාකිරීමට කරන උපහාරයක් ලෙසයි.

    ස්කේට්ලන්ත වාසීන් මේ අවස්ථාවට එක් වුයේ, ඔවුන්ගේ සාම්ප්‍රදායික පයිප් නළා වාදනය කරමින්.

    Last modified on සිකුරාදා, 03 අප්‍රේල් 2020 09:48

    Latest News