ආසාදිතයින් හමුවූ අමෙරිකානු නැවේ කපිතාන්ගේ තනතුර ගලවයි

අප්‍රේ 03, 2020

    කොරෝනා වෛරසය ආසාදිතයින් හමු වූ අමෙරිකානු යුද නෞකාවේ කපිතාන්වරයා තනතුරෙන් පහ කිරීමට අමෙරිකානු හමුදාව තීරණය කර තිබේ. ඒ අමෙරිකානු නාවික හමුදාව නෞකාවේ වෛරස ආසාදනය වීම පාලනය කිරීමට නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා කිරීම හේතුවෙන්.

    යූ එස් එස් තියඩොර් රූස්වෙල්ට් නෞකාවේ කපිතාන් බ්‍රෙට් ක්‍රෝසියර් මෙසේ සේවයෙන් පහ කර තිබේ. නෞකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් හමු වූ අවස්ථාවේ ඔහු ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ, නාවුකයන් බේරා ගැනීමට කටයුතු කරන ලෙසයි. එම නෞකාවේ නැවියන් සිය දෙනෙක් පමණ වෛරසය ආසාදනයට ලක්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    යුද්ධයක් නොමැති අවස්ථාවක තම නාවිකයන් මිය යෑම සිදු විය යුතු නොමැති බවයි, ලිපියක් මගින් ඔහු දැනුම් දී තිබුණේ. න්‍යශ්ටික බලයෙන් ක්‍රියා කරන එම ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ සෙබලුන් 4,000ක් පමණ සේවය කරයි.

    ඔහුගේ ලිපිය මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමත් සමග ඊට විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර, එමගින් අමෙරිකානු නාවික හමුදාවට අත් වුණේ, ඉතා දැඩි පීඩනයක්.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමෙරිකානු වැඩබලන නාවික ලේකම්වරයා සඳහන් කරන්නේ, කපිතාන්වරයා ක්‍රියා කර ඇත්තේ, වගකීම් විරහිතව සිදු කළ විනිශ්චයන් මත බවයි.

    Last modified on සිකුරාදා, 03 අප්‍රේල් 2020 10:05

    Latest News