ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 10 ඉක්මවයි

අප්‍රේ 03, 2020

    ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ගොස් තිබේ. එසේම, කොරෝනා මරණ සංඛ්‍යාව පනස් දහසකට අධික බවයි, නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

    මේ වන විට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදයයි. අමෙරිකාවේ ආසාදිතයින් ප්‍රමාණය දෙලක්ෂ පනස් දහසකට ආසන්නයි. වෛරසයට ගොදුරුවීමෙන් අමෙරිකාවෙන් පමණක් පුද්ගලයින් හය දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබේ. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය වෛරසයේ කේන්ද්‍රය බවට පත්ව තිබේ. ඉදිරියේ දී මෙය තවදුරටත් වර්ධනය වනු ඇති බවයි, අමෙරිකානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එරට මේ වන විටත් දැඩි සෞඛ්‍ය උපකරණ හිඟයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වෛරසය හඳුනාගත් මොහොතේ සිට ඊට පූර්ව සූදානමක් නොමැතිවීම, පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාදවීම, දේශපාලනික අර්බුද, ශාරීරික දුරස්ථභාවය ඇති කිරීමට අපොහොසත්වීම වැනි කරුණු අමෙරිකාව තුළ රෝගීන් ව්‍යාප්තිය වැඩිවීම සඳහා බලපෑ බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Last modified on සිකුරාදා, 03 අප්‍රේල් 2020 09:24

    Latest News