“කොරෝනා” නිසා පාස්කු මංගල්‍යයටත් බලපෑම්

මාර් 26, 2020

    “කොරෝකා වෛරසය එළඹෙන පාස්කු මංගල්‍යයට බොහෝ සෙයින් බලපෑම් කරනු ඇතැයි ස්විට්සර්ලන්ත චොකලට් නිෂ්පාදකයින් පවසයි.

    ඒ වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන චොකලට්, කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමේ ඇතැම් පිළිවෙත් පිළිබිඹුවන ආකාරයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. ඤතාරික සමය ලෙස සැලකෙන පසුතැවීමේ කාලය අවසන් වී අප්‍රේල් 12 වැනිදා පාස්කු මංගල්‍යය ආරම්භ වේ.

    ඒ වෙනුවෙන් සංවිධාන කෙරෙන උත්සවවලදී චොකලට්වලින් සෑදු රසකැවිලි තිළිණ කෙරේ. චොකලට්වලින් සාදන ලද කුඩා හාවුන් මුව ආවරණ සහිතව නිර්මාණය කර තිබීම කැපී පෙනේ. චොකලට් නිෂ්පාදකයින් පවසන්නේ, කොරෝනා වෛරසය තම කර්මාන්තයට ද දැඩි ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 මාර්තු 2020 17:46

    Latest News