හැරී - මේගන් සමුගැනීමේ වැඩසටහන අරඹයි  

මාර් 06, 2020

    බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා ඔහුගේ බිරිඳ මේගන් මාකල් රාජකීයත්වයෙන් සමුගැන්මේ වැඩසටහන ආරම්භ කර තිබේ. රාජකීයත්වය අත්හරින බවට ඉකුත් ජනවාරි මස කළ නිවේදනයෙන් අනතුරුව ඔවුන් ඊයේ නිල උත්සවයකට සහභාගී වූයේ පළමු වරටයි.

    හැරී කුමරු සහ බිරිඳ මේගන් මාකල් තුවාල ලැබූ සෙබලුන් සඳහා පිරිනැමෙන වාර්ෂික එන්ඩෙවර් අරමුදල් සම්මාන උළෙලට ලන්ඩන් නුවර දී ඊයේ එක්විය. බ්‍රිතාන්‍යයෙන් පිටත නව ජීවිතයකට සූදානම් වන යුවල මේ උත්සවයට සම්බන්ධ වී ඇත්තේ මාස කිහිපයකින් අනතුරුවයි. සසෙක්ස්හි ආධිපාධවරයා සහ ආධිපාධවරිය ලෙස රාජකීය ධූර අත්හරින බව හැරී කුමරු හා මේගන් මාකල් ඉකුත් ජනවාරි මස නිවේදනය කළේ බොහෝ පිරිසක් දැඩි මවිතයකට පත්කරමින්.

    රාජකීය තනතුරුවලින් ඉවත්ව කැනඩාව තුළ නව ජීවිතයක් ආරම්භ කිරීමටයි, එම යුවල සැලසුම් කර ඇත්තේ. ලන්ඩන් වෙස් මිනිස්ටර් ඇබේහි පැවැත්වෙන වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩල දේව මෙහෙය ඔවුන් සහභාගී වන අවසන් නිල උත්සවයයි. මහරැජිණ ඇතුළු බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ රාජකීයයන් ද ඊට එක්වීමට නියමිතයි.

     

    Last modified on සිකුරාදා, 06 මාර්තු 2020 10:58

    Latest News