ලෝක වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

අගෝ 30, 2021

    ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියාන් හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

    ඔහු මීටර 67.79ක් දුරක් හෙල්ල විසි කරමින් මෙම ලෝක වාර්තාව පිහිටුවීමට සමත් ව ඇත.

    ඔහු 2016 රියෝ පැරාලිම්පික් උළෙලේ දී ලෝකඩ පදක්කම ද දිනාගෙන ගැනීමට සමත් විය.

    මෙය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේදී අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත ක්‍රීඩා උලෙළකදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රන් පදක්කම ලෙස ඉතිහාසගත වෙයි. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරුවේ පැවැත්විණි.

    Last modified on සදුදා, 30 අගෝස්තු 2021 20:39

    Latest News