චීන රැඳවියන් 100කට කොරෝනා

පෙබ 22, 2020

    කොරෝනා වෛරසය චීන බන්ධනාගාරවල රැඳවියන් 100කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති බව බලධාරීන් පවසයි.

    දකුණු කොරියාවේ දී තවත් රෝගීන් 100 දෙනෙකු සොයාගෙන තිබෙන අතර ඉතාලිය තුළ ද පැතිර යන තර්ජනයක් වී ඇති බව වාර්තා වෙයි. හුබෙයි නගරයෙන් පිටත චීනයේ ආසාදනය වී ඇති චීන සිරකරුවන් 234ක් සිටින අතර, හුබෙයි නගරය තුළ පවත්වාගෙන යන බන්ධනාගාර තුළ ආසාදිත රැඳවියන් 271ක් සොයාගෙන තිබේ.

    චීනයෙන් පිටත වෛරසය ආසාදනය වීමේ තර්ජනයට බොහෝ සෙයින් නතුවී තිබෙනුයේ ජපානය හා දකුණු කොරියාවේ වන අතර, මේ වන විට රෝගීන් 346ක් දකුණු කොරියාවෙන් හා 728ක් ජපානයෙන් වාර්තා වී තිබේ. උතුරු ඉතාලියේ ද නව රෝගීන් වාර්තාවීමේ වේගය වැඩි වූ අතර මේ වන විට එහි වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 16 දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

     

     

    Last modified on සෙනසුරාදා, 22 පෙබරවාරි 2020 11:07

    Latest News