නායකත්වය ගැන විශ්වාසභංගයෙන් අගමැතිනියට ජය

දෙසැ 13, 2018

    පාලක කන්සෙවේටිව් පක්ෂයේ නායකත්වය පිළිබඳ විශ්වාසය පළ කිරීමේ ඡන්ද විමසීම ජයග්‍රහණය කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සමත්වී තිබේ.

    මන්ත්‍රීවරු 200 දෙනෙකු තෙරේසා මේට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, විපක්ෂව ලද ඡන්ද සංඛ්‍යාව 117කි. මේ අනුව 63%ක ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගැනීමෙන් වසරක කාලයක් බාධාවකින් තොරව නායකත්වය පවත්වාගෙන යාමට තෙරේසා මේට හැකිවේ.

    ජයග්‍රහණයෙන් අනතුරුව ඩවූනින් ස්ට්‍රීට්හි දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය රටේ ජනමතයට ගරු කරමින් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඉදිරියට රැගෙන යන බවට ප්‍රතිඥා දුන්නාය. කන්සවේටිව් පක්ෂ අභ්‍යන්තරයේ මෙම ඡන්ද විමසීම පැවැත්විණ. ඡන්ද විමසීමෙන් තෙරේසා මේ පරාජය වූවා නම්, ඇයට කන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් මෙන්ම, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ද සිදුවනු ඇත.

    Latest News