තවත් ඉක්මන් වෙන්න යන සුපිරි දුම්රිය

දෙසැ 13, 2018

    චීනය ලොව වේගවත්ම දුම්රියේ වේගය තවත් වැඩිදියුණු කිරීමට සූදානම් වෙයි. චීන දුම්රිය සමාගම එය සිදු කිරීමට පරීක්ෂණ සිදු කරනු ලැබේ.

    ලොව වේගවත්ම බුලට් වර්ගයේ දුම්රිය පසුගිය වසරේ හඳුන්වාදීමට චීන දුම්රිය සමාගම සමත්විය. එහි වේගය පැයට කිලෝමීටර 350කි. ලොව විශාලතම අධිවේගී දුම්රිය මාර්ග පද්ධතිය චීනය සතුයි. එහි දුර කිලෝ මීටර 25,000කි.

    පද්ධතියේ විශාලත්වය වැඩි නිසාවෙන් දැනට තිබෙන බුලට් දුම්රියේ වේගය තවත් වැඩි කිරීමට උත්සහ කරන බව, චීන දුම්රිය සමාගම පවසා තිබේ. දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ පරීක්ෂණ කිරීමේ මධ්‍යස්ථානය බවට අනාගතයේ දී පත්වීමට චීනයට හැකි වනු ඇති බව, විදෙස් විශ්ලේෂකයෝ සඳහන් කරති.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 දෙසැම්බර් 2018 11:10

    Latest News