Huawei නිර්මාතෘවරයාගේ දියණියට ඇප

දෙසැ 12, 2018

    චීනයේ හුවාවි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනියව කැනඩා අධිකරණයක් මගින් ඇප මත නිදහස් කෙරේ.

    අමෙරිකාව ඉරානයට එරෙහිව පනවා ඇති වෙළෙඳ සම්බාධක උල්ලංඝනය කිරීම නිසා, පසුගියදා එම නිලධාරිනියව අත්අඩංගුවට ගැනිණ. හුවාවි සමාගම, චීනයේ ප්‍රධාන සන්නිවේදන හා දුරකථන සමාගමකි. එහි ප්‍රධාන නිලධාරිනිය වන මෙන්ග් වංහාවු එම සමාගමේ නිර්මාතාවරයාගේ දියණිය ද වේ. පසුගිය දෙසැම්බර් පළමු වැනිදා ඇයව කැනඩාවේ දී අත්අඩංගුවට ගැනිණ. වැන්කුවර් අධිකරණය මගින් අමෙරිකානු ඩොලර් මිලියන 10ක ඇප මුදලක් මත ඇයව නිදහස් කළ බව විදෙස් ප්‍රවෘත්ති සේවා පවසා තිබේ.

    කැනඩා අධිකරණය මගින් නියම කෙරුණේ පැය 24 පුරාවටම ඇයව නිරීක්ෂණය කරන ලෙසටයි. ඒ සඳහා ඇගේ අතෙහි ඉලෙක්ට්‍රොනික උපාංගයක් ද පළදවා තිබෙන බව, විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන් කර තිබේ. මීට ඉහත අවස්ථා කිහිපයක දී චීනය, කැනඩා රජයෙන් ඇයව නිදහස් කරන ලෙස ඉල්ලීම් සිදු කළත්, ඔවුන් එය අධිකරණ කටයුත්තක් බැවින් තමන්ට ඒ සඳහා අත පෙවීමක් සිදු කළ බව දන්වා සිටියහ.

    Latest News