කොවිඩ් 19 මරණ 2,125 දක්වා ඉහළට..ඉරානයේ මරණ 2ක්

පෙබ 20, 2020

    නෞකාවේ වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 621ක් ලෙසයි වාර්තා වන්නේ. 3,700ක් පමණ ගමන් කළ අදාළ නෞකාව ඉකුත් දින කිහිපය පුරාම නිරෝධායන ක්‍රියාවලියට ලක් කෙරේ.

    ඊයේ දිනයේ දී නෞකාව නිරීක්ෂණය සඳහා පැමිණ ජපාන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ නෞකාව තුළ තත්වය අතිශය ගැටලුකාරී බවයි. කෙසේ වෙතත්, අමෙරිකානු බලධාරීන් චෝදනා කරන්නේ, නෞකාවේ වෛරස් තත්වය පාලනය සඳහා ජපන් බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි, ඇතැම් රටව්ල මේ වනවිටත් නෞකාවේ සිටි තම ජාතිකයින් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති අතර, ආසාදිත සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය බලධාරීන් පවසයි. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව 75,721ක්. කෙසේ වෙතත් 16,417ක පමණ පිරිසක් සුවය ලබා ඇති බව ද වාර්තා වෙයි. කොවිඩ් 19 වෛරසයේ මරණ වාර්තා වන අලුත්ම රාජ්‍ය ලෙස ඉරානය සැලකෙයි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව දෙකක්.

    එසේ ඉරානයේ වාර්තා වූ එකම වෛරස් ආසාදිතයන් වන්නේ මොවුන් දෙදෙනායි. මේ අනූව, මැදපෙරදිග කලාපයෙන් ද කොවිඩ් 19 වෛරසයෙන් මේ වන විට පුද්ගල මරණ වාර්තා වෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 09:49

    Latest News