ඉන්දියාවේ කුරුළු ගහණය අඩුවෙලා

පෙබ 19, 2020

    ඉන්දියාවේ කුරුළු ගහණය සීග්‍රයෙන් අඩුවෙමින් පවතින බව විශේෂ පාරිසරික අධ්‍යයනයකින් හෙළිව තිබේ.

    එම තත්වය නිර්මාණය වී ඇත්තේ පසුගිය වසර 05ක කාලය තුළ දී ය. 
    අධ්‍යයනය සඳහා කුරුළු වර්ග 261ක් සම්බන්ධ නිශ්චිත වාර්තා පවතින බව ඉන්දියාවේ පරිසර සංරක්‍ෂණ පදනම ප්‍රකාශ කරයි.

    එම කුරුළු ගහණය 52%ක අඩුවීමක් පෙන්නුම් කරන බව හෙළිව ඇත. තවත් කුරුළු විශේෂ 146ක් වඳ වී යාමේ වේගය 30%ක් තරම් ඉහළ අගයකය පවතී. 

    මෙම අධ්‍යයනය සදහා දත්ත ලබා දීමට කුරුළු නිරීක්‍ෂකයන් දස ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් සහභාගී වී තිබේ.අධ්‍යායනයෙන් හෙළිවී ඇත්තේ නාගරිකව ජීවත් වන ඇතැම් කුරුළු වර්ගවල ගහණය දැනටත් ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 11:57

    Latest News