පැය 24ට කොවිඩ් ආසාදිතයින් 2009ක් ..මරණ 1669 ඉක්මවයි

පෙබ 16, 2020

    චීනය තුළ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ නව ආසාදිතයන් සංඛ්‍යාවේ සුළු අඩුවීමක් දැකිය හැකි බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කරයි.

    ගතවූ පැය 24 තුළ අසාදිත සංඛ්‍යාව 2009 ලෙස වාර්තා වුවද, ඉන් පෙර දින කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2641 ලෙස වාර්තාවීම මීට හේතුවයි.

    එහෙත් ඉකුත් සති තුන තුළ පමණක් චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 68,500ක්. ගතවූ පැය 24 තුළ ආසාදිතයින් 142 දෙනෙක් මියගොස් තිබේ. ඉන් 139 දෙනෙකුම චීනයේ හුබෙයි පළාතෙන් වාර්තා විය. මේ අනූව කෙරෝනා වෛරසය නිසා මෙතෙක් මියගිය සංඛ්‍යාව 1669ක්. ආසාදිත සංඛ්‍යාව 69,269ක්. එහෙත් රෝගයෙන් 9639 දෙනෙක් මෙතෙක් සුවය ලබා තිබේ. මේ වන විට රටවල් 30ක පමණ ව්‍යාප්ත වී ඇති මේ වෛරසයෙන් චීනයෙන් පිටත දී වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 500කට අධිකයි. ඒ අතරින් ජපානය,පිලිපීනය,හොංකොං හා ප්‍රංශය යන රටවල් හතරෙහි එක් රෝගියා බැගින් මරණයට පත්විය.

    Last modified on ඉරිදා, 16 පෙබරවාරි 2020 12:23

    Latest News