අමෙරිකා-තලෙයිබාන් අතර සටන් විරාම එකඟතාවක්

පෙබ 15, 2020

    අමෙරිකාව හා තලෙයිබාන් සංවිධානය අතර සටන් විරාම එකඟතාවකට එළඹ තිබේ.

    ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකානු භටයන් ඉවත්කර ගැනීම ද ඊට ඇතුලත්. සත් දින සටන් විරාමය කඩිනමින් ක්‍රියාත්මක වීමට නියමිත බව අමෙරිකානු බලධාරියෙකු ප්‍රකාශ කළේය. ප්‍රචණ්ඩත්වයෙන් ඉවත් වීමටයි ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන් ප්‍රතිඥා දී ඇත්තේ. එහි එකඟතාවක් ලෙස ඇෆ්ගනිස්තානය තුල අමෙරිකානු හමුදා භටයින් ඉවත් කිරීම ද ඇතුලත්. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානි හමුවීමෙන් අනතුරුවයි මෙම එකඟතාව නිවේදනය කෙරුණේ, හමුව ජර්මනියේ මියුනිච් ආරක්‍ෂක සමුළුවට සමගාමීව ඊයේ සිදුවිය.

    Latest News