කොරෝනා නිසි චීනයේ මුදල් නෝට්ටු පිරිසිදු කෙරේ

පෙබ 16, 2020

    කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා භාවිතයේ පවතින මුදල් නෝට්ටු පිරිසිදු කරගැනීමට චීනය පියවර ගෙන තිබේ.

    පාරජම්බුල කිරණ හෝ දැඩි උණුසුමට ලක්කරන මුදල් නෝට්ටු යළි භාවිතයට ලබාදීමට ප්‍රථම දින 14ක් යන්ත්‍රවල රඳවා තබා භාවිතයට ලබාදීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ සම්බන්ධ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් චීන මහබැංකුව විසින් මෙය නිවේදනය කළේය. චීනයේ ආසාදිතයන් ඉහළ යාමත් සමග එරට මුහුණු ආවරණ හා ආරක්ෂක ඇගලුම්වල හිගයක් දක්නට ලැබෙන බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on ඉරිදා, 16 පෙබරවාරි 2020 12:38

    Latest News