හිමෙන් වැසුණු කැලිෆෝනියාවට විදුලියත් නැහැ

දෙසැ 10, 2018

    අමෙරිකාවේ හිම කුණාටුව හේතුවෙන් එරට දකුණුදිග කැලිෆෝනියවේ ප්‍රදේශ රැසක විදුලිබලය ඇනහිට තිබේ.

    මේ හේතුවෙන් ලක්ෂ 4කට ආසන්න පිරිසකට විදුලිය නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සති අන්තයේ ඇතිවූ මෙම හිම කුණාටුව හේතුවෙන් ඊයේ දිනයේ ගුවන් ගමන් රැසක් ද අවලංගු කර තිබේ. මහා මාර්ග ද හිමෙන් වැසී පැවතීම හේතුවෙන් ගමනාගමනයට බාධා පැමිණ ඇත.

    බලධාරීන් ඉල්ලා සිටින්නේ, හැකි තරම් නිවාස තුළට වී සිටින ලෙසයි. ඇතැම් ප්‍රදේශවලට අඩි 12ක තරම් ඝනකම් හිම පතනයක් වාර්තා වී ඇත.

    Latest News