ගෝලීය උණුසුම ඉහළයාම වැළැක්වීමේ සාකච්ජා අසාර්ථකයි

දෙසැ 09, 2018

    පෝලන්තයේ පැවති ගෝලීය උණුසුම ඉහළයාම වැළැක්වීමේ සාකච්ජා අසාර්ථක වී තිබේ.

    මේ හේතුවෙන් සමුළුවේ අවසන් නිවේදනය නිකුත් කර නොමැත. වසර 2030 වනවිට ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ට සීමා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි. රටවල් රැසක් වාර්තාව පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම සමුළුව අසාර්ථක වීමට හේතුවිය.

    එය සකස්කර තිබුණේ 2015 පැවති පැරිස් දේශගුණික සමුළුවේ නිගමනවලට අනුකූලවයි. ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 4.5කින් ඉහළයාමේ අවදානමක් ද පවතී. 2015 පැරිස් සම්මුතියට අනුකූලව රටවල් ක්‍රියාත්මක වුවහොත් ගෝලීය උණුසුම ඉහළයාම සෙල්සියස් අංශක 3ක් දක්වා සීමාකර ගැනීම අපේක්‍ෂාවයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News