ඉන්දියාවට වසර 10කින් හිමිවූ සුපිරි ජය

දෙසැ 10, 2018

    ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති ප්‍රථම ටෙස්ට් තරගය ලකුණු 31කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වී තිබේ.

    කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර සියලු දෙනා දැවී ලකුණු 250ක් රැස්කළේය. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ලකුණු 235කට දැවී ගියේය.

    ඉන් අනතුරුව දෙවැනි ඉණිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 307ක් රැස්කළ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 323ක ජයග්‍රාහී ඉලක්කයක් පිරි නැමිණ. ඒ අනූව, ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දෙවැනි ඉණිමේ දී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 291ක් පමණි. ඔස්ට්‍රේලියාවේ දී ඉන්දීය කණ්ඩායමක් ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගෙන ඇත්තේ වසර 10කට පසුයි.

    Latest News