ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට යුරෝපා සංගමයෙන් ආධාර

සැප් 15, 2022

    ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට යුරෝපා සංගමය අමෙරිකානු ඩොලර් මිලියන 23 කට ආසන්න මුදලක් හා යූරෝ මිලියන 18.75 ක ප්‍රදානයක් සිදු කර තිබෙනවා.

    ‍එම මුදල් වෙන් කෙරෙන්නේ, මෙරට 2015 සිට 2023 දක්වා වන වසර 8 ක කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහායි.

    එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය රෙනේ වැන් බර්කල් මහතා මෙරට කර්මාන්ත සංවර්ධනය පිළිබඳ එම සංවිධායේ ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා වන ක්‍රියාකාරී කමිටු රැස්වීමට එක්වෙමින් මේ බව හෙළි කළා. එම රැස්වීම පසුගියදා පැවැත්වුණේ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. යුරෝපා සංගමය ‍ප්‍රදානය කරන මුදල් මෙරට කර්මාන්ත සංවර්ධනයට මෙන්ම, කාලගුණ විපර්යාසවලට මුහුණ දීම, බලශක්ති කළමණාකරනය, පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම යන අංශ සංවර්ධනය සඳහා යොදා ගැනීමට අපේක්ෂිතයි.

    Latest News