අමෙරිකානු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ධූරයෙන් ඉවත්වේ

දෙසැ 09, 2018

    අමෙරිකානු ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී සිය ධූරයෙන් ඉවත් වන බව, නිවේදනය කරයි.


    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ජෝන් කෙලී ඉතා හොඳ පුද්ගලයෙකු බවයි. ජනාධිපතිවරයා කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සේවය අගය කළේය. ජෝන් කෙලී වසර දෙකක කාලයක් මෙම ධූරය දැරීය.

    ජොන් කෙලී සහ ජනාධිපතිවරයා අතර සබඳතා බිඳවැටී ඇති බවට මාධ්‍ය වාර්තා පළවිය. ඔහුට ධූරයෙන් ඉවත්වීම සඳහා බලපෑම් එල්ලවන බවට, ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. ඔහු වෙනුවට ආදේශකයක් ඉදිරි දින දෙක තුළදී නම් කෙරෙනු ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News