සඳ බලන්න ගිය චීන රොබෝ

දෙසැ 08, 2018

    නිරන්තරයෙන් පෘථිවියෙන් පිටතට මුහුණලා පවතින චන්ද්‍රයාගේ අනෙක් ප්‍රදේශය වෙත ගොඩබෑමේ අරමුණෙන් චීනය නවතම රොබෝ ගවේෂණ යානයක් උඩුගුවනට යොමු කර තිබේ.

    චීනය විසින් මෙවැනි රොබෝ යානයක් උපයෝගී කර ගනිමින් චන්ද්‍ර ගවේෂණයේ නිරත වන පළමු අවස්ථාවයි. චීන පුරාවෘත්තයන්හි සඳ දෙවඟන යන අරුත් ඇති චන්ගි ඊ - 4 ලෙස මෙම යානය නම් කර ඇත. අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයේ සුපිරි බලවතෙකු වීම අපේක්ෂා කරන චීනය උඩුගුවනට යැවූ චන්ග් ඊ - 4 යානය එළඹෙන වසරේ ජනවාරි මාසයේ දී චන්ද්‍රයා වෙත ගොඩබැස්වීමට හැකි වෙතැයි, බලධාරීහු විශ්වාස කරති.

    මෙහි දී මෙතෙක් ගවේෂණයට ලක්වන නොවූ සඳේ පස්, ගල්කැබලි, සාම්පල, එක්රැස් කර ඒයා පර්යේෂණ සඳහා නැවත පෘටිවියට රැගෙන ඒම මෙහෙයුමේ මූලික අරමුණක් වී තිබේ.

    මෙම චීන රොබෝ චන්ද්‍ර ගවේෂණ යානය ගවේෂණයට බලාපොරොත්තු වන වොන් කර්මොන් නමැති ආවාටය පිළිබඳ මීට පෙර විද්‍යාඥයින් විසින් පරීක්ෂණ සිදු කරන නොමැති බවයි, වාර්තා වන්නේ.

    චීන ප්‍රවෘත්ති සේවා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම නව අභ්‍යවකාශ මෙහෙයුම චන්ද්‍ර ගවේෂණයේ නව පරිචයක් සනිටුහන් කරනු ඇති බවයි.

    Latest News