ගිනිඅවිත් රැගෙන අමෙරිකානුවන් පාරට

ජන 21, 2020

    ගිනි අවි පාලන නීතිරීති ලිහිල් කරන ලෙස ඉල්ලා අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සාමකාමී විරෝධතාවක් ඊයේ පැවැත්විණ. ඔවුන් කියා සිටින්නේ, ප්‍රාන්තයේ ගිනිඅවි පාලන නීතිරීති තවදුරටත් ලිහිල් කරන ලෙසයි.

    විරෝධතාවයට දහස් ගණන් පිරිස් සහභාගී විය. ඔවුන් සියලුදෙනා පාහේ විරෝධතාවට පැමිණියේ ගිනි අවිද අතැතිවයි. ඔවුන් පිස්තෝල,තුවක්කු හා ස්වංක්‍රීය ගිනි අවිද රැගෙනවිත් තිබිණ. ප්‍රාන්තයේ නීතිරීතිවලට අනූව විරෝධතා පැවැත්වු ප්‍රදේශයට ගිනිඅවි රැගෙන ඒම, තහනම් නිසා ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සපයා තිබිණ. එසේම, ප්‍රාන්තයේ තවත් ප්‍රදේශයක ගිනිඅවි දැඩි කරන ලෙස ඉල්ලා තවත් විරෝධතාවක් පැවැත්විණ. ඔවුන් කියා සිටියේ, දිනෙන් දින ඉහළ යන ඝාතන රැල්ල නැවැත්වීමට නම්, ගිනිඅවි පාලන නීති දැඩි කළ යුතු බවයි.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 09:44

    Latest News