කසළ කන්ටේනර් 42ක් මැලේසියාව ආපහු හරවයි

ජන 21, 2020

    බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ කසළ කන්ටේනර් 42ක් හරවා යැවීමට මැලේසියානු රජය තීරණය කර තිබේ. මැලේසියාවේ පරිසර අමාත්‍යවරිය පවසන්නේ, තම රටට කසළ බැහැර කිරීමට ඉඩ නොතබන බවයි.

    එම කන්ටේනර්වල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළත් බවයි, මැලේසියානු බලධාරීන් පවසන්නේ. මැලේසියාවට වෙනත් රටවල්වලින් එවන ලද කසළ අඩංගු කන්ටේනර් 150ක් පමණ නැවතත් එම රටවලට හරවා යවා ඇති බව, මැලේසියානු පරිසර අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රිතාන්‍ය රජය කියා සිටින්නේ, මැලේසියානු රජය පසුගිය වසරේ කළ ඉල්ලීමකට අනූව තමන් විසින් නැව්ගත කරන ලද කසළ කන්ටේනර් රැසක් ආපසු ගෙන්වාගත් බවයි.

     

     

     

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 09:02

    Latest News