න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බවට ඉරානය පවසයි

ජන 21, 2020

    ඉරානයේ නිල පුවත් ඒජන්සිය නිකුත් කළ තොරතුරු වලට අනුව, යුරෝපා රටවල් ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සාකච්ඡා සඳහා ඉදිරිපත් කළහොත්, ඉරානය න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වනු ඇතැයි එරට විදේශ ඇමති Mohammad Javad Zarif මහතා පවසයි.

    න්‍යෂ්ටික ගිවිසුමට අනුකූලවීමේ කැපවීම ඉරානය ප්‍රතික්ෂේප කිරීම යන තත්ත්වයට මුහුණ දීම සඳහා, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල් 3 පසුගිය 14 වැනිදා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමේ ගැටුම් පිළිබඳ විසඳීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

    මෙම විසඳීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළහොත්, ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කිරීමේ අවස්ථා පවතී.

    ඉරාන විදේශ ඇමතිවරයා මෙම නව තත්ත්වයට එරෙහි සිය රටේ මතය ඉදිරිපත් කළේ ඉන් අනතුරුවයි.

    Latest News