ඇමරිකාව හා රුසියාව අතර උපායමාර්ගික ආරක්ෂක සංවාදයක්

ජන 17, 2020

    ජගත් ආරක්ෂාව හා න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ත කටයුතු භාර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් Christopher Ford හා රුසියානු උප විදේශ ඇමති Sergei Ryabkov යන මහත්වරුන් වියානාහිදී ඊයේ (16) ඇමරිකා රුසියා උපායමාර්ගික ආරක්ෂක සංවාදය පැවැත්වූ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

    දෙපාර්ශ්වය එහිදී හමුදාමය උපකරණ පාලනය හා උපක්‍රමික සුරක්ෂිතතාව ඇතුළු ජාතික උපායමාර්ගික ප්‍රතිපත්තීන් පිළිබඳව සාකච්ඡා කළහ.

    සුරක්ෂිතතාවට අදාල බැරෑරුම් ප්‍රශ්න සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අනවබෝධය අවම කිරීම එහි අරමුණ බව ද පැවසේ.

    න්‍යෂ්ටික අවි තැන්පතු, න්‍යෂ්ටික ක්‍රියාමාර්ග, හමුදාමය උපකරණ පාලනය හා අනාගතය යනාදිය පිළිබඳව ද අවධානය යොමු විය.

    ඇතැම් විශේෂ මාතෘකා පිළිබඳව නුදුරු අනාගතයේදී විශේෂඥ මට්ටමේ අදහස් හුවමාරු පැවැත්වීමට දෙපාර්ශ්වය තීරණය කර ඇතැයි ද සඳහන් වේ.

    Latest News