රාජ්‍ය විරෝධී කැරළිකරුවන්ට වෙඩි තැබිම ඉරානය ප්‍රතික්ෂේප කරයි

ජන 14, 2020

    ඉරානයේ රාජ්‍ය විරෝධී කැරළිකරුවන්ට වෙඩි තැබූ බවට එල්ල වන චෝදනා එරට රජය ප්‍රතික්ෂේප කරයි.

    පොලීසිය විසින් ඔවුන්ට අනතුරු ඇඟවීමක් පමණක් සිදුකළ බවයි, ඉරාන පොලිස්පතිවරයා පවසන්නේ. උද්ඝෝෂකයින් කියා සිටින්නේ, පොලු මුගුරුවලින් පහරදී ඊට තම විරෝධය පළකළ පසු, පොලීසිය විසින් වෙඩි තැබීම ආරම්භ කළ බවයි. ඇතැම් සමාජ මාධ්‍ය තුළින් විරෝධතාකරුවන්ට වෙඩි වැදුණු දර්ශන ප්‍රචාරය විය.

    පොලීසිය පවසන්නේ, තමුන් විරෝධතාකරුවන්ට සජීවී උණ්ඩ යොදා ගෙන වෙඩි තැබීමක් සිදු නොකළ බවයි. ඉරානය විසින් අත් වැරදීමකින් යුක්‍රේනයට අයත් ගුවන් යානයක් බිම හෙලනු ලැබීය. එම ගුවන් යානය මිසයිලයක් ලෙස වරදවා වටහා ගැනීම ඊට හේතුවයි. ඒ සමග එරට රජයට විරුද්ධව විශාල උද්ඝෝෂණ රැල්ලක් හටගනු ලැබීය.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 16:25

    Latest News