චීනය සහ අමෙරිකාව ආර්ථික වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට සූදානම්

ජන 10, 2020

    චීනය සහ ඇමරිකාව ලබන සතියේ පළමු අදියරේ ආර්ථික වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට සූදානම් බව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක ගාඕ ෆෙන්ග් මහතා පවසයි.

    අමෙරිකාවේ ආරාධනාවට අනුව, එම ගිවිසුමට අත්සන් තැබීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, උප අග්‍රාමාත්‍ය, චීනය හා අමෙරිකාව අතර පූර්ණ ආර්ථික සංවාදයේ චීන පාර්ශවයේ ප්‍රධානී Liu He මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම එළඹෙන 13 වැනි දින සිට 15 වැනි දින දක්වා කාලය තුළ වොෂින්ටනයේ සංචාරය කිරීමට සූදානම් වේ.

    මෙම ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය නිශ්චිත විධිවිධාන පිළිබඳව දෙපාර්ශවයම සමීප සන්නිවේදනයක යෙදී සිටින බව, ගාඕ ෆෙන්ග් මහතා පැවසීය.

    Latest News