අමෙරිකානු ජනපතිගේ බලය සීමා කිරීමේ යෝජනාවක්

ජන 10, 2020

    ඉරානයට එරෙහිව යුධ ක්‍රියාමාර්ග ගැනීමේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීමේ යෝජනාවක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරයි.

    අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් පක්ෂව ඡන්ද 224 කින් සහ විපක්ෂව ඡන්ද 194 කින් එම යෝජනාව සම්මත විය.

    ජනාධිපතිවරයාට කොංග්‍රසය විසින් බලය පවරා නොමැති නම් හෝ අමෙරිකාවට එරෙහිව යුධ ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නොවන්නේ නම් ඔහු ඉරානයට එරෙහි යුධ මෙහෙයුම් අවසන් කළ යුතු බව එම යෝජනාවේ සඳහන් වේ.

    මේ අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරන ලද එම යෝජනාව ඉරාන හා සිය නියෝජිතයින්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වළකාලීමට අමෙරිකානු හමුදාවට ඇති හැකියාව අඩපණ කිරීමට උත්සාහ කරන බවට ධවල මන්දිරය චෝදනා කළේය.

    Latest News