ඉරාකයේ හමුදා කඳවුරු 2කට ප්‍රහාර

ජන 08, 2020

    ඉරාකයේ පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරු දෙකකට බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ලවී ඇති බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

    ඉන් සිදුව ඇති හානිය මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැත. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ග් නියෝගයක් මත ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයෙකු වූ ජෙනරාල් කසෙම් සොලෙයිමානි. ඝාතනය කිරීමත් සමග ඉරානය සහ අමෙරිකාව අතර අර්බුදකාරී තත්වය යළි උත්සන්න විය. ඉරාන හමුදා නායකයාට එල්ල වූ ප්‍රහාරයට පළි ගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි, ඉරාන රාජ්‍ය රුපවාහිනිය ප්‍රකාශ කළේ. ඉරාකයේ ඉර්බිල් සහ අල් - අසාද් නමැති ස්ථානවලට මෙලෙස ප්‍රහාර එල්ල වූ බව පෙන්ටගනය පවසයි.

    මේ අතර ජෙනරාල් කසෙම් සොලොයිමානිගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවට පැමිණි ජනතාව අතර ඇතිවූ තෙරපීම හේතුවෙන්, මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් 200කට අධික පිරිසක් තුවාල ලැබීය. මේ හේතුවෙන් ඔහුගේ භූමිදාන කටයුතු කල් දැමිණ.

     

     

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 09:55

    Latest News