මගුල ගිනි ගනී 100ක් මරු කටට

සැප් 27, 2023

    උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.


    මියගිය පුද්ගලයින් අතර මානාල යුවළද සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
    ඉරාකයේ උතුරු නිනිවේ පළාතේ අල්-හම්දානියා දිස්ත්‍රික්කයේ ඇති මංගල උත්සව ශාලාවක මෙම ගින්න හටගෙන ඇත්තේ.
    ගින්නට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ. බලධාරීන් විසින් කරන ලද මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ මංගල උත්සවය ආරම්භ වී ගිනිකෙළි දැල්වීමෙන් පසුව එය හටගෙන ඇති බවයි.
    ඇසින් දුටුවන් මාධ්‍ය පැවසුවේ උත්සවය ශාලාවේ ගින්න හටගන්නා අවස්ථාවේදී විශාල පිරිසක් එහි ප්‍රතිඵල ඝෝෂා කරමින් සිටි බවයි.
    ගින්න හටගැනීමත් සමග එම ස්ථානයට ගිනි නිවීමේ කණ්ඩායම් සහ ගිලන් රථ පිටත් කරනලද අතර තුවාල ලැබූවන් නිනවේ කලාපය පුරා ඇති රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා.
    අවාසනාවන්ත සිදුවීමෙන් විපතට පත් වූවන්ට සහන සලසන ලෙස සියලු උත්සාහයන් බලමුලු ගන්වන ලෙස ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල් සුදානි එරට බලධාරීන්ට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

     

    Latest News