ඉතාලියේ රෝම නගරයේ පැවති ෆෝලෝරන්ස් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 150 ඉසව්ව ජය ගන්නට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුනා.

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස නම් දරා ඇති යුපුන් අබේකෝන්ට ඩොලර් ලක්ෂයක මූල්‍ය දායකත්වයක් ලබාදීම අද සිදුකෙරුණා.

2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා යුපුන් අබේකෝන් සහභාගී වීමට නියමිතයි.

එංගලන්තයේ බර්මින්ග්හැම් නුවරදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා නාමය අද ඉතිහාසයට එක් කරමින් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම යුපුන් අබේකෝන් විසින් දිනා ගත්තා.

තත්පර 10කට අඩු කාලයකින් ඉසව්ව නිමකළ දකුණු ආසියානු ක්‍රීඩකයා බවට පත් වෙමින් මීටර් 100 දකුණු ආසියානු හා ශ්‍රී ලංකාව වාර්තාව නැවතත් අලුත් කිරීමට යුපුන් අබේකෝන් සමත් විය.

චෙක් ජනරජයේ පැවැත්වෙන ඔස්ට්‍රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය.

යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති මලල ක්‍රීඩා උලෙළකදී මීටර 100 ඉසව්ව තත්ත්පර 10.06 ක කාලයකින් නිම කිරීමට සමත් විය.

මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවක් සහ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මෙවර තරගවාරයේ සිය දෙවැනි මලල ක්‍රීඩා ශූරතාව සඳහා හෙට (12 ) සහභාගී වීමට නියමිතයි.

ඔලිම්පික් තරඟාවලියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන් සහභාගි වන පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ මුලික වටයේ තරඟ අද (31) පැවැවීමට නියමිතයි.

Latest News