යුපුන් අබේකෝන් ජාතික වාර්තාවක් පිහිටුවයි

මැයි 23, 2022

    මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවක් සහ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී තිබේ.

    ඒ අනුව, ඔහු ඉතාලියේදී මීටර 200 ධාවන ඉසව්ව තත්පර 20.37කින් නිමාකර තිබෙන බවයි සඳහන් වන්නේ.

    ඉන්දියාවේ අම්ලන් බෝර්ගෝහයින් පිහිටුවා තිබූ තත්ත්පර 20.52ක දකුණු ආසියානු වාර්තාව ද යුපුන් අබේකෝන් මෙමඟින් බිඳ දමා තිබේ.

    මීටර් 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවද යුපුන් අබේකෝන් සතු වන අතර එහිදී ඔහු දක්වා ඇති දක්ෂතාව තත්ත්පර 10.15ක්.

    Latest News