යුපුන්ට ඩොලර් ලක්ෂයක්

නොවැ 22, 2022

    දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස නම් දරා ඇති යුපුන් අබේකෝන්ට ඩොලර් ලක්ෂයක මූල්‍ය දායකත්වයක් ලබාදීම අද සිදුකෙරුණා.

    මෙය පිරිනැමුනේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපෙදස් මත ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්වයි.

    කුසලතා සංවර්ධනය කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක් හිමිකර ගැනීම හා ක්‍රීඩා ජීවිතයේ අනාගත ආයෝජනයක් ලෙස මෙම මුදල් පිරිනැමීය.

    මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත්, යුපුන් අබේකෝන් ක්‍රීඩකයාත් අතර ත්‍රෛයිපාක්ෂික ගිවිසුමකට අත්සන් තැබීය.

    Latest News