ජිම්නාස්ටික් ලෝක ශූරතාව රුසියාවට

ඔක් 11, 2019

    ලෝක ශූරතා ජිම්නාස්ටික් තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට රුසියාව සමත් විය. 

    ඔවුන් මෙම ජයග්‍රහණය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.  තරගාවලිය ජර්මනියේ ස්ටුට්ගාර්ඩ්හිදී පැවැත්වේ.  කණ්ඩායම් ශූරතාව දිනූ රුසියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 261යි දශම 7යි 2යි.  එහි අනුශූරතාව හිමිකර ගත්තේ, පසුගියවර ශූරයින් බවට පත් චීනයයි.  චීනය, රුසියාවට වඩා පිටු පසින් සිටියේ ලකුණු 0.99කින් පමණයි.  2001 වසරෙන් පසු යුරෝපීය කණ්ඩායමක් ලෝක ජිම්නාස්ටික් තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙයයි.  මෙහි තෙවැනි ස්ථානය ජපානයට හිමිවිය.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 09:29

    Latest News