ශ්‍රී ලංකාව පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 240යි.

නොවැ 24, 2018

    ශ්‍රී ලංකා-එංගලන්ත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

    සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම, අද තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 3ක් ලබා සිටියා. තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී. අද දිනය ආරම්භ කරන විට එංගලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 312ක් ලබා සිටියා.

    පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 336ක්. ජොනී බෙයිස්ටෝව් ලකුණු 110යි. පන්දු යැවීමේදී ලක්‍ෂාන් සඳකැන් කඩුලු 5ක් බිඳහෙලුවා. අනතුරුව, ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියා. පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක දැවී ගියේ, ලකුණු 18ටයි.

    ධනංජය ද සිල්වා සහ දිමුත් කරුණාරත්න දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැඟු සබඳතාව ලකුණු 142ක්. දිමුත් අද ලබාගත්තේ, සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 20 වැනි අර්ධ ශතකයයි. ධනංජය පස්වැනි අර්ධ ශතකය වාර්තා කළා.

    ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා ලකුණු 73කට දැවී ගියා. දිමුත් කරුණාරත්න 83යි. කුසල් මෙන්ඩිස් ලකුණු 27ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකිවුයේ නැහැ.

    ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 240ක්. ආදිල් රෂීඩ් කඩුලු 5ක් දවාගත් අතර, බෙන් ස්ටෝක්ස් කඩුලු 3ක් බිඳ හළීමට සමත්වුණා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News