කොල්කටා නයිට්රයිඩර්ස් අවසන් මහා සටනට

මැයි 22, 2024

    ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

    ඒ තියුණු තරගයකින් පසු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කරමින්. 

    තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ අහමදාබාද් හිදී.  පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 159 ක් පමණයි.   

    රාහුල් ත්‍රිපාති ලකුණු 55 යි.  හෙන්රිච් ක්ලාසන් ලකුණු 32 ක් ලබා ගත්තා.  පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් ලකුණු 34 ට කඩුලු 3 ක් බිඳ හෙලුවා.

    පිළිතුරු ඉනිමේදී කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 164 ක් රැස් කරමින්, තරගයේ ජය හිමි කර ගත්තා.

    ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 58 යි.  වංකටේෂ් අයියර් නොදැවී ලකුණු 51 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේදී පැට් කමින්ස් ලකුණු 38 ට කඩුල්ලක් දවා ගත්තා.  තරගයේ වීරයා ජයග්‍රාහී කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ මිචෙල් ස්ටාර්ක්.   

    Latest News