ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සුරංග ලක්මාල්ට

නොවැ 11, 2018

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්කර ඇත.

    ඒ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් කායික ආබාධයකට ලක්වීම හේතුවෙන්. මේ අනුව දිනේෂ් චන්දිමාල්ට ඉදිරි සති දෙකක කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වේ. මේ අතර ඔහු වෙනුවට චරිත් අසලංක කණ්ඩායමට කැඳවා තිබේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 14 වැනිදා පල්ලේකැලේ දී ආරම්භ වීමට නියමිතයි.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක මහතා ද පුද්ගලික හේතුවක් මත ඉවත් වී ඇත.  ඔහු වෙනුවට නව කළමනාකරු ලෙස ජෙරී වවුටර්ස් පත්කර තිබේ.  

    Last modified on ඉරිදා, 11 නොවැම්බර් 2018 16:42

    Latest News