සුරංග ලක්මාල් ටෙස්ට් පිටියට සමුදෙයි....

මාර් 11, 2022

    සුරංග ලක්මාල් සිය අවසන් ටෙස්ට් තරගයට හෙට සහභාගී වනවා.

    ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී. තරගය හෙට ඉන්දියාවේ, බැංගලෝර් හිදී ආරම්භ වනවා. තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස හෙට පස්වරු 02.30 ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති ප්‍රථම තරගය ඉනිමකින් සහ ලකුණු 222 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා. ඒ අනුව, දෙරට අතර ටෙස්ට් තරගාවලියේ එකට බිංදුවක් ලෙස පෙරමුණ ගෙන ඇත්තේ, ඉන්දියාවයි. හෙට තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩයමේ පැතුම් නිස්සංකගේ සහභාගීත්වය අවිනිශ්චිත බව, වාර්තා වනවා.

    Latest News