නාවික හමුදාව සහ හැව්ලොක් ජයග්‍රහණයක් (විඩියෝ)

නොවැ 10, 2018
  • ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී නාවික හමුදාව සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

    නාවික හමුදා කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම අතර තරගය මුල සිටම තියුණු මුහුණුවරක් ගත්තේය. එහි පළමු අර්ධය නිමා වනවිට නාවික හමුදාව පෙරමුණ ගත් අතර, ලකුණු පුවරුව දැක්වුණේ 14-10ක් ලෙසයි. තරගය නිමාවන විට ලකුණු 24-23ක් ලෙස නාවික හමුදාව ජය වාර්තා කිරීමට සමත්විය. තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී.
    යුද හමුදාව සහ හැව්ලොක් කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 23-12ක් ලෙස විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට හැව්ලොක් ක්‍රීඩකයන් සමත්විය. පළමු අර්ධය නිමාවන විට දෙපිලම ලකුණු 06 බැගින් ලබා සම තත්වයේ පසු වූහ. පසුව හැව්ලොක් කණ්ඩායම ලකුණු 23-12ක් ලෙස තරගයේ ජය වාර්තා කළේය.
    ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා විද්‍යායතනය සහ ජර්මන් ඔලිම්පික් කමිටුව එක්ව මේසපන්දු පුහුණු වැඩමුළුවක් සංවිධාන කර තිබේ. දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට නියමිත වැඩමුළුවට මෙරට පුහුණුකරුවන් සහ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සහභාගි කරවා ගැනීමට අපේක්‍ෂිතයි.

    Latest News