ප්‍රථම ඉනීම කළින් අවසන් කිරිමේ විලියම්සන්ගේ උත්සහයට සුරංග, දික්වැල්ල මග හරස්මවේ

අගෝ 15, 2019

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

    පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට කඩුලු 07ක් දැවී ලකුණු 227ක් ලබා සිටියේය. 

    අද තරගය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී රැස්කර තිබූ ලකුණු සංඛ්‍යාව 205ක්. ඔවුන්ට අද ලබාගත හැකිවූයේ, ලකුණු 46ක් පමණයි. ඒ අනුව, නවසීලන්ත පළමු ඉනිම ලකුණු 249 කට සීමා විය. දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් සුරංග ලක්මාල් අද දිනයේ කඩුලු 04ක් දවා ගැනිමට සමත්විය. නවසීලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ රොස් ටේලර්. එම ලකුණු සංඛ්‍යාව 86ක්. අකිල ධනංජය ලකුණු 80 කට කඩුලු 05ක් බිඳ හෙලීය.

    පිළිතුරු ලෙස ශ්‍රී ලකා පළමු ඉනිම ආරම්භ කළේ නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න. දිමුත් කරුණාරත්න ලකුණු 39කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් අද වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10 වැනි අර්ධ ශතකයයි. ඔහු ලකුණු 53කට දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50යි. දිනය නිමාවන විට නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 39ක් සහ සුරංග ලක්මාල් නොදැවී ලකුණු 28ක් ලබා සිටී.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 19:57

    Latest News