බගවන්තලාව ශාන්ත මරියා විදුහලට වසර 100 පිරිම වෙනුවෙන් ආදි ශිෂ්‍ය, ශිෂ්‍යවන් විසින් සංවිධානය කර තිබු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වුයේ සුරංග ලක්මාල්ය.
බගවන්තලාව නගරයේදි සුරංග ලක්මාල් පිළිගැනිමෙන් පසු බගවන්තලාව ප්‍රදේශයේ ජනතාව හා තරුණයින් ඔහු පෙලපාලියකින් ශාන්ත මරියා විදුහල දක්වා කැදවාගෙන එනු ලැබිණි. එහිදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුරංග ලක්මාල් දක්වන දායකත්වය වෙනුවෙන් උපහාරයක් ද පිරිනැමිණ.