අකිලගේ ඉරියව් ගැන සැකයක්

නොවැ 11, 2018
    ශ්‍රී ලංකා පිටදඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේ පැවති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුවයි අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධ සැකය මතුව ඇත්තේ.
     
    ඒ අනුව සති දෙකක් ඇතුළත ඔහුව පරීක්‍ෂණයකට යොමු කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.
     
    එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔහුට ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමට අවස්ථාව උදාවේ. මේ අනුව ඔහු එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වනු ඇති.
     
    ගාල්ලේ පැවති ප්‍රථම තරගයේ දී කඩුලු දෙකක් දවා ගැනිමට අකිල ධනංජය සමත්විය. අකිල ධනංජය මේ වනවිට එක්දින තරග 25කට, 20-20 තරග 16කට සහ ටෙස්ට් තරග 4කට සහභාගි වී තිබේ.
    Last modified on ඉරිදා, 11 නොවැම්බර් 2018 16:38

    Latest News