මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ (25) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබුවා.
ශ්‍රි ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් එහි කටයුතු පවත්වාගෙන යාමට කමිටුවක් පත් කරන බවට ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස 11 වැනිදායි.
මාස 6ක කාලයක් සඳහා පත්කළ එම කමිටුව චූලා ධර්මදාසගේ සභාපතිත්වයෙන් සහ සාමාජිකයින් 9 දෙනෙකුගෙන් යුක්ත වුණා.